රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යය නිමිත්තෙන් බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලංගම) විසින් විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබේ.
මෙම විශේෂ සේවාව යටතේ කොළඹ, මහනුවර, හැටන්, බදුල්ල සහ නුවරඑළිය ඇතුළු ප්‍රධාන නගරවල සිට කතරගම දක්වා මෙන්ම නැගෙනහිර පළාතේ නගර ආවරණය වන පරිදි මඩකලපුව, පානම, ත්‍රිකුණාමලය, මුතූර්, වාලච්චේන, පොතුවිල්, අක්කරපත්තුව, වාකරේ සහ කල්මුණ දක්වා ද බස් රථ ධාවනය කෙරේ.
මගීන්ට පහසුවෙන් සිය ගමන් පහසුකම් සලසා ගැනීම සඳහා පහත පහසුකම් හඳුන්වා දී ඇත:
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිල වෙබ් අඩවිය හරහා ඕනෑම ප්‍රදේශයක සිට බස් රථ ආසන කල්තියා වෙන් කරවා ගැනීමට හැකියාව පවතී.
ඊට අමතරව, බැතිමතුන්ගේ පහසුව තකා කතරගම බස් නැවතුම්පොළ තුළ ආසන වෙන් කර ගැනීමේ විශේෂ කවුළු දෙකක් ද ස්ථාපිත කර තිබේ.
පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන් මෙන්ම සාමාන්‍ය ප්‍රවාහන සේවා භාවිතා කරන බැතිමතුන් උදෙසා මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක වේ.
















