ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක හෙට දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම් දර්ශකය (Heat Index) ‘අවධානය යොමු කළ යුතු’ මට්ටම දක්වා ඉහළ යා හැකි බැවින් සීරුවෙන් සිටින ලෙස ජාතික උපද්‍රව පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි. අද (11) පස්වරු 5.00 ට නිකුත් කරන ලද මෙම ඇම්බර් (Amber) වර්ණයෙන් යුත් විශේෂ නිවේදනය මඟින් **මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ මොනරාගල** යන දිස්ත්‍රික්ක 6 සඳහා අවවාදාත්මක තත්ත්වයක් පනවා තිබේ.
විශේෂයෙන්ම එළිමහනේ සේවය කරන පුද්ගලයන්, කුඩා ළමුන්, වැඩිහිටියන් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන අය මෙම අධික උණුසුම හේතුවෙන් සෞඛ්‍ය අවදානම්වලට ලක්විය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය. දිවා කාලයේ උපරිම උණුසුම පවතින වේලාවන්හිදී සෘජුවම සූර්යාලෝකයට නිරාවරණය වීමෙන් වළකින ලෙසත්, නිරන්තරයෙන් ජලය පානය කරමින් සිරුර විජලනය වීමෙන් වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය හා කාලගුණ අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
















