ඇමෙරිකානු රජයේ හෝ වොෂින්ටනයේ කිසිදු අනුමැතියකින් සහ දැනුවත්භාවයකින් තොරව, ඊශ්‍රායල මොසාඩ් බුද්ධි අංශය විසින් ඇමෙරිකානු ඩොලර් සහ ව්‍යාජ CIA අනන්‍යතාවන් (fake CIA identities) භාවිත කරමින් ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වන සටන්කාමී කණ්ඩායම් බඳවාගෙන ඇති බවට බරපතළ අනාවරණයන් රැසක් සිදුව තිබේ. ඇමෙරිකානු බුද්ධි නිලධාරීන් 6 දෙනෙකු විසින්ම මෙම සිදුවීම නිල වශයෙන් තහවුරු කර ඇති අතර, ඊට අදාළ රහස්‍ය ලේඛනධාරී වාර්තා ධවල මන්දිරය (White House) වෙත ද යොමු කර ඇත. මේ පිළිබඳව එවකට සිටි ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් දැඩි ලෙස කෝපයට පත්ව සිටියද, ඊශ්‍රායලයට එරෙහිව ඇමෙරිකාව කිසිදු පියවරක් ගෙන නොමැත.
මෙම පියවර පිළිබඳව අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ CIA නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ, “ඊශ්‍රායලය අප සමඟ එක්ව කටයුතු කළ යුතු මිතුරෙකු මිස අපට එරෙහිව ක්‍රියා කරන්නෙකු නොවිය යුතු” බවයි. ඊශ්‍රායලය සැබවින්ම ඇමෙරිකාවේ මිතුරෙකු ලෙස කටයුතු කරන්නේද යන්න පිළිබඳව වොෂින්ටනයේ ඉහළ පෙළේ බලධාරීන් රැසක් මේ වන විට සැක පළ කරන බවද එම වාර්තාවල සඳහන් වේ.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















