තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් දිවයින පුරා ක්‍රියාත්මක කරන “පාසල් සඳහා ක්‍රීඩා උපකරණ ලබාදීමේ වැඩසටහනට” සමගාමීව, මීගමුව ආසනයේ පාසල් කිහිපයක් වෙත අත්‍යවශ්‍ය ක්‍රීඩා උපකරණ බෙදා දීමේ වැඩසටහනක් ඊයේ (ජූලි 09) සාර්ථකව පැවැත්විණි. තරුණ කටයුතු හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ පූර්ණ නිරීක්ෂණය සහ මගපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය සංවිධානය කර තිබුණි.
මෙම වැඩසටහන යටතේ උස පැනීමේ මෙට්ට (High Jump Mats) ඇතුළු අත්‍යවශ්‍ය ක්‍රීඩා උපකරණ තොගයක් කටාන සාන්ත ජෝසප් කනිෂ්ඨ විද්‍යාලය, කොච්චිකඩේ ක්‍රිස්තු රාජ මහා විද්‍යාලය, මීගමුව විද්‍යාලංකාර මහා විද්‍යාලය සහ මීගමුව ශාන්ත ජෝසප් විද්‍යාලය යන පාසල් වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
මෙම අවස්ථාව සඳහා කටාන ප්‍රාදේශීය සභා සභාපතිනි නිශානි ජයකොඩි, මීගමුව නාගරික මන්ත්‍රීවරුන් වන රොහාන් අතුකෝරාල සහ රොනී ප්‍රශාන්ත යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. මීට අමතරව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරී ඩී. ලක්මිණි මහත්මිය ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරීන්, පාසල් විදුහල්පතිවරුන්, ගුරුභවතුන් සහ ක්‍රීඩා භාර ආචාර්යවරුන් ද එක්ව සිටියහ.
පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ජාත්‍යන්තර මට්ටම දක්වා ඔප්නැංවීම වෙනුවෙන්, පාසල් පද්ධතිය තුළ යටිතල පහසුකම් නැංවීමේ අමාත්‍යාංශ ප්‍රතිපත්තියට අනුව මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
















