ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය සඳහා විශාල වශයෙන් මහජන මුදල් වැය කළ ද, ඒ හරහා අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වී ඇති බව අනාවරණය වේ.
2023 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාලය තුළ මෙම ඒකකය පවත්වාගෙන යාම සඳහා රුපියල් මිලියන 157.7ක් වැය කර ඇති අතර, ඒ සඳහා සේවයෙහි යෙදවූ උපදේශකවරුන් වෙනුවෙන් තවත් රුපියල් මිලියන 193ක් ගෙවා ඇත. කෙසේ වෙතත්, මෙම වියදම් දැරුව ද 2026 වර්ෂයේ මැයි මාසය වන විටත් මෙම ඒකකය වෙත පැවරී තිබූ ප්‍රතිසංස්කරණ කටයුතු නිසි ලෙස ඉටු වී නොමැති බව විගණන වාර්තාව පෙන්වා දෙයි.
රාජ්‍ය ආයතන 07ක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා 2023 වසරේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත විදේශීය ආයතන දෙකක් ගනුදෙනු උපදේශකවරුන් ලෙස පත් කර ගිවිසුම්ගත විය. ඒ සඳහා මුදල් අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 193ක් ගෙවා තිබේ. මීට අමතරව, 2025 සැප්තැම්බර් 03 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තවත් රාජ්‍ය ව්‍යවසායන් 32ක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත. රාජ්‍ය ව්‍යවසායන්හි අකාර්යක්ෂමතාව අවම කිරීමේ අරමුණින් මෙම ඒකකය ස්ථාපිත කළ ද, ඉහත සඳහන් කළ පරිදි එහි අසාර්ථකත්වය සහ වියදම් කළ මුදලට සාපේක්ෂව ප්‍රතිඵල නොමැති වීම සම්බන්ධයෙන් විගණන වාර්තාව බරපතළ විවේචනයක් එල්ල කරයි.















