තමන්ව ඝාතනය කිරීමට හෝ ඒ සඳහා උත්සාහ කිරීමට ඉරාන රජය කටයුතු කළහොත්, එම රටට එරෙහිව දරුණු මිලිටරි ප්‍රතිචාරයක් දැක්වීමට අමෙරිකානු හමුදාව සූදානමින් සිටින බව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ඉරානය විසින් තමන්ව ඉලක්ක කර ගනිමින් ඝාතන කුමන්ත්‍රණ සිදු කරන බවට ලැබී ඇති බුද්ධි තොරතුරු හමුවේ, ඔහු පවසන්නේ ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා මිසයිල 1,000ක් මේ වන විටත් සූදානම් කර ඇති බවයි. එම ප්‍රහාර මාලාවට අමතරව තවත් දහස් ගණනක් මිසයිල වහාම ක්‍රියාත්මක කිරීමට සූදානම් බවත්, ඒ සඳහා අවශ්‍ය නියෝග දැනටමත් ලබා දී ඇති බවත් ඔහු සඳහන් කරයි. වසරක කාලයක් පුරා ඉරානයට එරෙහිව විනාශකාරී ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකානු හමුදාව සූදානමින් සිටින බව ට්‍රම්ප් අවධාරණය කරයි.
තමන්ට යම් හානියක් සිදුවුවහොත්, ඉරානය මීට පෙර කිසිදා අත්නොවිඳි ආකාරයේ දරුණු ප්‍රතිචාරයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ට්‍රම්ප් අනතුරු අඟවයි. ඉරානයෙන් එල්ල වන මෙම ඝාතන තර්ජන පිළිබඳව අමෙරිකානු ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් පසුවන බවද වාර්තා වේ.
















