ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් දිවයින පුරා පාලම් 800ක් ඉදිකිරීමේ විශේෂ ව්‍යාපෘතිය ලබන අඟහරුවාදා දිවයිනේ ස්ථාන කිහිපයකදී සමාරම්භ කෙරේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘පුනරුදයේ පුරවර’ ජාතික වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස රුපියල් මිලියන 1050ක ප්‍රතිපාදන වැය කරමින් ග්‍රාමීය පාලම් 100කට වැඩි සංඛ්‍යාවක් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. ‘ඉවුරු යා කරන – ජිවිත ගොඩනගන’ යන තේමාව ඔස්සේ ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙළ මගින් දුෂ්කර ප්‍රදේශවල මාර්ග සම්බන්ධතාවය සහ ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීම අපේක්ෂිතය.
ග්‍රාමීය ජනතාවගේ දෛනික අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නංවාලීම රජයේ ප්‍රමුඛතාවක් වන අතර, දිවයිනේ විවිධ ප්‍රදේශ ආවරණය වන පරිදි අදියර කිහිපයක් යටතේ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට බලධාරීන් අපේක්ෂා කරයි. ග්‍රාමීය ආර්ථිකය සවිබල ගැන්වීමට සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට මෙම ව්‍යාපෘතිය ඉවහල් වනු ඇති බවට රාජ්‍ය අංශයේ අපේක්ෂාව වී තිබේ.
















