රිවෝල්වර වර්ගයේ ගිනි අවියකට සමාන ගිනි අවියක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීම සිදු කර ඇත්තේ ඊයේ (12) රාත්‍රියේදී මහරගම පොලිස් වසමේ දුම්රිය මාවත ප්‍රදේශයේදීය. බස්නාහිර පළාත දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 22 හැවිරිදි වියේ පසුවන මහරගම, දුම්රිය මාවත ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















