නීති විරෝධී ලෙස හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි 17 හැවිරිදි තරුණයෙකු මරදාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
2026 ජූලි 12 වන දින මරදාන පොලිස් වසමේ හින්නි අප්පුහාමි මාවතේදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද රහසිගත තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 119ක් සහ මිලිග්‍රෑම් 680ක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















