කටුගස්තොට පොලිස් වසමේ මහනුවර – යාපනය ප්‍රධාන මාර්ගයේ ගොවිපොළ හන්දිය ප්‍රදේශයේදී ඊයේ (12) සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මාතලේ දෙස සිට කටුගස්තොට දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක්, මාර්ගය හරහා ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව කටුගස්තොට රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි.
මියගිය කාන්තාව 56 හැවිරිදි කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරියකි. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














