ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය විසින් ජෝර්දානයේ සහ බහරේනයේ පිහිටි ප්‍රධාන ගුවන් කඳවුරු ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබේ.
මෙම ප්‍රහාර මාලාවෙන් ජෝර්දානයේ පිහිටි ප්‍රින්ස් හසන් ගුවන් කඳවුරේ ඉන්ධන ගබඩා සහ පතොරම් ගබඩා කිහිපයක ගින්නක් හටගෙන ඇති බව එම බලකාය තහවුරු කරයි.
එමෙන්ම, බහරේනයේ පිහිටි ෂෙයික් ඊසා ගුවන් කඳවුර ද මෙම ප්‍රහාරවල ඉලක්කයක් බවට පත්ව තිබේ. එහිදී හෙලිකොප්ටර් නඩත්තු අංශය, P-8 ගුවන් යානා නවතා තිබූ අංගනය සහ ඇමරිකානු මිලිටරි ඩ්‍රෝන මෙහෙයුම් සහ පාලන මධ්‍යස්ථානයකට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.
ප්‍රහාරවලට හේතු සහ සිදුවූ සමස්ත හානිය පිළිබඳ වැඩිදුර තොරතුරු තවමත් විමර්ශනය කෙරෙමින් පවතී.
















