මල්වානේ – බියගම මාර්ගයේ 18 කණුව ප්රදේශයේදී ඊයේ (12) සිදුවූ රිය අනතුරකින් 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බියගම දෙසට ධාවනය වෙමින් තිබූ ත්රී රෝද රථයක් එම දෙසටම ඉදිරියෙන් ගමන් කළ තවත් ත්රී රෝද රථයක ගැටී, අනතුරුව ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක ද ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් පසුපසින් ධාවනය වූ ත්රී රෝද රථයේ රියැදුරු බරපතල තුවාල ලබා උඩුගම්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත. කාර් රථයේ රියැදුරු ද තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ.
මියගිය තරුණයා කඩුවෙල ප්රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරට සම්බන්ධ අනෙක් ත්රී රෝද රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මල්වාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















