මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව පවතින, හිමිකරුවන් විසින් රැගෙන නොගිය විශාල අංක තහඩු තොගයක් ඉවත් කිරීමට පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.
අංක තහඩු මුද්‍රණය තාවකාලිකව නතර කිරීමට පෙර මුද්‍රණය කර තිබූ අංක තහඩු ලක්ෂයක පමණ තොගයක් මේ වන විට දෙපාර්තමේන්තුව සතුව පවතින බව අනාවරණය වේ. කෙසේ වෙතත්, එම විශාල තොගය අතරින් හිමිකරුවන් විසින් රැගෙන ගොස් ඇත්තේ අංක තහඩු විස්සක් වැනි ඉතා සුළු ප්‍රමාණයකි.
පසුගිය 2023 සහ 2024 වර්ෂවලදී මුද්‍රණය කරන ලද මෙම අංක තහඩු ලක්ෂයකට අධික තොගය හිමිකරුවන් භාර නොගැනීම මත දෙපාර්තමේන්තුවේ ඉඩකඩ සීමා වී ඇති බවත්, ඒ හේතුවෙන් මෙම තොගය ඉවත් කිරීමට තීරණය කර ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
















