මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා පොලිසිය විසින් දියත් කළ විශේෂ මෙහෙයුම් මාලාව යටතේ තවත් සැකකරුවන් 899 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහෙයුම් අතරතුර හෙරෝයින් සහ අයිස් වැනි මත්ද්‍රව්‍ය තොගයක් පොලිසිය බාරයට ගෙන ඇත. මහරගම දුම්රිය මාවතේ සිදු කළ වැටලීමකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ‘කලු තුෂාර’ නමැත්තාගේ පුත්‍රයා ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, එය අපරාධ සඳහා යොදාගෙන ඇත්දැයි විමර්ශන සිදු කෙරේ. තවද, ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහ රෝහලේ පවිත්‍රතා කටයුතුවල නිරත වූ කාන්තාවක් සන්තකයේ තිබී හෙරෝයින් ග්‍රෑම් 36කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, සැකකරුවන් 4 දෙනෙකු රඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කරනු ලබයි.
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ පුද්ගලයින් 26,962ක් පරීක්ෂාවට ලක් කර තිබේ. ඒ අතරින් සැකපිට 523 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරාධ සම්බන්ධයෙන් සෘජුවම සම්බන්ධ පුද්ගලයින් 12 දෙනෙකු හඳුනාගෙන ඇත. මීට අමතරව විවෘත වරෙන්තුකරුවන් 153 දෙනෙකු සහ බීමත් රියදුරන් 194 දෙනෙකු ද මෙහෙයුම් අතරතුර පොලිස් භාරයට ගෙන තිබේ.
















