දිවයින හරහා පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් තද සුළං සහ මුහුදු ප්‍රදේශ රළු වීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (13) දින පස්වරුවේ නවතම අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ නිවේදනයට අනුව, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ක් දක්වා වැඩි විය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකිය.
එසේම, දිවයිනේ ගොඩබිම් ප්‍රදේශවලත් මෙම තත්ත්වය බලපැවැත්වෙන අතර, මධ්‍යම, සබරගමුව, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, මොණරාගල, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 50ක පමණ වේගවත් තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනතුරු අඟවා සිටී.
















