ක්‍රීඩා සංචාරක ව්‍යාපාරය (Sports Tourism) ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, තරුණ කටයුතු හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ සෘජු මූලිකත්වයෙන් සංවිධානය කරන ලද ‘Run for Sri Lanka’ මීගමුව අර්ධ මැරතන් තරගය ඊයේ (ජූලි 12) උදෑසන ඉතා සාර්ථකව පැවැත්විණි.
මීගමුව කඩොල්උයන ක්‍රීඩාංගනය අසලින් ආරම්භ වූ මෙම තරගය සඳහා දෙස් විදෙස් වෘත්තීය මට්ටමේ සහ ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500කට අධික පිරිසක් එක්ව සිටියහ. මීගමුව වෙරළ තීරයේ සුන්දරත්වය ලොවට විදහා දක්වමින් සුප්‍රසිද්ධ වෙරළ මාර්ගය (Beach Road) ඔස්සේ දිවෙන පරිදි මෙම තරගය සැලසුම් කර තිබුණි.
මෙම අවස්ථාවට සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා ප්‍රකාශ කළේ, මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ඉසව් තුළින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලැබෙනවා මෙන්ම, ශ්‍රී ලංකාව ලෝකය පුරා ප්‍රවර්ධනය කිරීම සඳහා එය කදිම අවස්ථාවක් වන බවයි.
ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙවැනි වැඩසටහන් මගින් ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ඉසව් පැවැත්වීමට ඇති හැකියාව තවදුරටත් තහවුරු කෙරේ. ඉදිරියේදීත් මෙරට ක්‍රීඩා ක්ෂේත්රයේ ප්රගමනය සහ සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීම ඉලක්ක කරගනිමින් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
















