මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, ත්රිකුණාමලය සහ මොනරාගල යන දිස්ත්රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව හෙට දිනයේත් එම දිස්ත්රික්කවල ඇතැම් ප්රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම, එනම් උණුසුම් දර්ශකය ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පැවතිය හැකි බව කාලගුණ අංශ පවසයි.
මෙම තත්ත්වය හේතුවෙන් අදාළ ප්රදේශවල ජනතාව සෞඛ්යාරක්ෂිත පියවර අනුගමනය කිරීම වැදගත් වන අතර, ප්රමාණවත් පරිදි ජලය පානය කිරීම සහ ඍජු සූර්යාලෝකයට නිරාවරණය වීම හැකිතාක් සීමා කරන ලෙසද උපදෙස් දෙනු ලැබේ.
















