මුතුර්, චිත්තන්තෙට්ටි ප්‍රදේශයේ සිදුවූ නීති විරෝධී වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) සාජන්වරයෙකු මහවැලි ගඟට වැටී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මියගොස් ඇත්තේ කන්තලේ සූරියපුර පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අනියුක්තව සේවය කළ 41 හැවිරිදි නිලධාරියෙකි.
ඔහු ඇතුළු හයදෙනෙකුගෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් ඊයේ රාත්‍රී කාලයේ මෙම වැටලීම සිදුකිරීමට ගිය අවස්ථාවේදී ඔහු මෙම අනතුරට මුහුණ පා ඇත. ගඟට වැටුණු සාජන්වරයා නඩවුත්තු ප්‍රදේශයට ගසාගෙන යන්නට ඇති බවට සැකකළ අතර, අද උදෑසන නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඔහුගේ මළ සිරුර සොයාගෙන තිබේ.
















