ඉරාන ගුවන් යානයක් ගොඩබැස්වීම වැළැක්වීමේ අරමුණින් යේමන රජයේ හමුදාව විසින් සානා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ධාවන පථයට ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරයට ලක්වූ යේමනයේ සානා අගනුවර සහ ඒ අවට ප්‍රදේශ මේ වන විට පාලනය කරනු ලබන්නේ ඉරාන හිතවාදී හූති සන්නද්ධ කණ්ඩායම විසිනි.
යේමනය තුළ පවතින දේශපාලන අර්බුදය හමුවේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් එරට නිල රජය ඒඩන් නගරයේ සිට සිය පාලන කටයුතු මෙහෙයවනු ලබන අතර, එම නිල රජය වෙත සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපීය රටවල පූර්ණ සහයෝගය හිමිවෙයි. මෙම තත්ත්වය මත හූති සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් රජයේ හමුදාව මෙම ගුවන් තොටුපළ ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.
















