තම රටේ න්‍යෂ්ටික බලාගාර සහ අනෙකුත් පහසුකම් පරීක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනය (IAEA) ඉදිරිපත් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට ඉරානය පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානයේ මෙම තීරණයත් සමග බටහිර රටවල් සහ ඉරානය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් දැඩි වී ඇති බවයි.
මේ අතර ප්‍රංශය අවධාරණය කර සිටින්නේ ටෙහෙරාන් පාලනය සිය න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන්ම අත්හරින තෙක් යුරෝපා සංගමය විසින් පනවා ඇති සම්බාධක කිසිසේත්ම ඉවත් නොකරන බවයි. ඉරානය ජාත්‍යන්තර පරීක්ෂණ සඳහා වහාම ඉඩ ලබා දිය යුතු බව පවසන ප්‍රංශ බලධාරීන්, එසේ නොමැති වුවහොත් දැනට පවතින ආර්ථික හා දේශපාලන සම්බාධක තවදුරටත් දැඩි කිරීමට සිදුවන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.















