නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යාපෘතියක් යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පතාන උතුර දීගමණ්ඩල ප්‍රාථමික විද්‍යාලයේ ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැත (Reverse Osmosis) ජල පිරිපහදු මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීම 2026 ජූලි මස 10 වැනි දින සිදු කෙරිණි.
නාවික හමුදාවේ තාක්ෂණික හා ශ්‍රම දායකත්වයෙන් සහ සිරස මාධ්‍ය ජාලයේ ගම්මැද්ද සමාජ සත්කාරක වැඩසටහන යටතේ, එම ප්‍රදේශයේ පදිංචි බර්නඩීන් ද සිල්වා මහත්මියගේ මූල්‍ය දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය. නාවික හමුදාව මෙතෙක් රට පුරා ස්ථාපනය කර ඇති මෙවැනි ජල පිරිපහදු මධ්‍යස්ථාන සංඛ්‍යාව 1158කි.
මෙම නව පිරිපහදු මධ්‍යස්ථානය මගින් පතාන උතුර දීගමණ්ඩල ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරුවන්ගේ සහ එම ප්‍රදේශයේ ජීවත් වන විශාල පිරිසකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය බාධාවකින් තොරව සපුරා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. පිරිසිදු පානීය ජලය සැපයීම උදෙසා ශ්‍රී ලංකා නාවික හමුදාව අඛණ්ඩව මෙවැනි සමාජ සත්කාරක වැඩසටහන් සඳහා තම දායකත්වය ලබා දීමට කටයුතු කරනු ඇත.














