“විකසිත වන ළමා ලොවට – හිරු කිරණකි සතුටු පවුල” යන තේමාව යටතේ මුල් ළමා විය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය අද (14) සිට ජූලි 20 වැනි දින දක්වා රට පුරා ක්‍රියාත්මක වේ.
මුළු දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වෙන මෙම සතියේ ප්‍රධාන අරමුණ වන්නේ ශාරීරික, මනෝ සමාජයීය හා බුද්ධිමය සංවර්ධනයෙන් යුතු නිරෝගී ශ්‍රී ලාංකික දරු පරපුරක් බිහි කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමයි.














