කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා මෙරටට රැගෙන ආ රුපියල් මිලියන 61.8ක් වටිනා අධිමත් කුෂ් (Kush) මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 63 හැවිරිදි පිලිපීන ජාතික කාන්තාවක් අද (14) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරියගේ ගමන් මල්ලේ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබියදී සොයාගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 180ක් බව ගුවන්තොටුපළ වාර්තා පවසයි. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට හසු වී මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගුවන්තොටුපළ රේගුව සහ මත්ද්‍රව්‍ය නාශක අංශය දැඩි සෝදිසියකින් පසු වේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය වෙත භාර දී ඇති අතර, මෙම ජාවාරම පිටුපස සිටින ප්‍රධාන ජාලය සොයා මේ වන විටත් මෙහෙයුම් දියත් කර තිබේ.
















