කළුතර උතුර, කැලිඩෝ පාර හන්දිය ප්රදේශයේදී දුම්රිය මාර්ගයේ රෙදි වේලෙන්නට දමා තිබූ තිදරු මවක් බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රියේ ගැටී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මරදානේ සිට බෙලිඅත්ත බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ මෙම කාන්තාව ගැටී ඇත්තේ, ඇය විසින් තම නිවස ඉදිරිපිට දුම්රිය මන්තීරු දෙක මැද ඇති කළුගල් මත වේලෙන්නට දමා තිබූ රෙදි කිහිපයක් නැවත ලබා ගැනීමට ගිය අවස්ථාවේදීය. 29 හැවිරිදි වියේ පසුවූ මෙම කාන්තාව එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනතුර සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















