ඩයලොග් ආසිආටා පීඑල්සී සහ Keells සුපිරි වෙළෙඳසැල් ජාලය එක්ව, දිවයින පුරා පිහිටි Keells වෙළෙඳසැල් 150කදී Dialog Pay හරහා ආරක්ෂිතව සහ පහසුවෙන් මුදල් ගෙවීමේ හැකියාව පාරිභෝගිකයින්ට ලබා දී තිබේ. Keells මෙලෙස Dialog Pay සමග ඩිජිටල් ගනුදෙනු සඳහා අත්වැල් බැඳගත් මෙරට ප්‍රථම ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාලය වේ.
මෙම සහයෝගීතාවය තුළින් පාරිභෝගිකයින්ට Keells වෙළෙඳසැල්වලදී QR කේතය Scan කර කඩිනමින් මුදල් ගෙවීමට හැකි වන අතර, එම ගෙවීම් සඳහා ඩයලොග් ආයතනයෙන් නොමිලේ Data වාසිද හිමි වේ.
MyDialog App සමඟ ඒකාබද්ධ කර ඇති Dialog Pay මඟින් පාරිභෝගිකයින්ට සිය eZ Cash ගිණුම හෝ කැමති බැංකු ගිණුමක් ඊට එක් කර ගනිමින් ඉතා පහසුවෙන් ගනුදෙනු සිදුකළ හැකිය. LankaQR හරහා මුදල් ගෙවීම, ගිණුම් අතර මුදල් හුවමාරුව, ඉතුරුම් ගිණුම් විවෘත කිරීම සහ Dialog Finance මඟින් ණය පහසුකම් ලබාගැනීම වැනි සේවා රැසක් මෙමගින් සලසා ඇත.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් ක්‍රමය එදිනෙදා පුරුද්දක් බවට පත් කරමින්, වේගයෙන් වර්ධනය වන ඩිජිටල් ආර්ථිකයක් කරා රට රැගෙන යාම මෙම හවුල්කාරිත්වයේ අරමුණයි.
















