කටාර් රාජ්‍යයේ හිටපු එමීර් ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාගේ අභාවය නිමිත්තෙන් ශෝකය පළ කිරීම සඳහා සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අද (14) කොළඹ පිහිටි කටාර් තානාපති කාර්යාලය වෙත පැමිණියේය. එහිදී තානාපති කාර්යාලයේ තබා ඇති විශේෂ ශෝක සටහන් පොතෙහි සමරු සටහනක් තැබූ දිලිත් ජයවීර මහතා, ශ්‍රී ලංකා ජනතාව සහ සර්වජන බලය පක්ෂය වෙනුවෙන් සිය බලවත් කණගාටුව සහ ශෝකය ප්‍රකාශ කර සිටියේය.මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා, රාජ්‍යතාන්ත්‍රික සහයෝගිතාවය සහ දෙරට අතර පවතින ශක්තිමත් මිත්‍රත්වය පිළිබඳව විශේෂයෙන් සිහිපත් කෙරිණි. මෙම අවස්ථාව සඳහා සර්වජන බලය මාධ්‍ය ලේකම් මෙන්ම එම පක්ෂයේ මුස්ලිම් සහයෝගීතාවයේ ජාතික කැඳවුම්කරු වන හසන් අලාල්දීන් මහතා ද එක්ව සිටියේය.














