ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පරිවර්තනයක් ඇති කරමින්, ලංකා සුඛෝපභෝගී බස් රථ සංගමය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන “මාවතේ අභිමන්” ජාතික සම්මාන උළෙල මෙම මස 31 වැනි දින ‘The Forum, City of Dreams Sri Lanka’ හිදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වේ. මෙම සම්මාන උළෙල, මෙරට මගී සහ සංචාරක ප්‍රවාහන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් පැවැත්වෙන ප්‍රථම ජාතික මට්ටමේ ඇගයීමයි.
බස් කර්මාන්තයේ වෘත්තීයභාවය, ආරක්ෂාව සහ විනය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සංවිධානය කෙරෙන මෙම සම්මාන උළෙලේදී හොඳම බස් රථ රියැදුරු (මගී බස් සේවාව), හොඳම කොන්දොස්තර, හොඳම සංචාරක රියැදුරු, හොඳම සහ වැඩිම නවීකරණය කරන ලද බස් රථ (විශේෂ සේවා) සහ වඩාත් ජනප්‍රිය බස් රථ සේවාව යන අංශ යටතේ සම්මාන පිරිනැමේ. මෙමගින් ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී මගී ප්‍රවාහන කර්මාන්තය කලාපීය මිනුම්දණ්ඩක් (Regional Benchmark) ලෙස ස්ථානගත කිරීම අපේක්ෂා කරන බව එම සංගමයේ සභාපති නිකිත ග්‍රේරෝ මහතා ප්‍රකාශ කළේය.
















