චීන මහජන විමුක්ති නාවික හමුදාව විසින් තම වාර්ෂික පුහුණු වැඩසටහනේ කොටසක් ලෙස පැසිෆික් සාගරය ඉලක්ක කර ගනිමින් දිගුදුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ. න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක සිට දියත් කළ මෙම අතිප්‍රබල මිසයිලය, අමෙරිකාව පවා ඉලක්ක කළ හැකි න්‍යෂ්ටික ප්‍රතිප්‍රහාරක හැකියාවකින් යුක්ත බව ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
මෙම අත්හදා බැලීම ජාත්‍යන්තර නීතිවලට අනුකූලව සිදුකළ සාමාන්‍ය පුහුණු අභ්‍යාසයක් බව චීනය පවසතත්, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ජපානය ඇතුළු කලාපීය රටවල් රැසක් මෙය කලාපයේ ස්ථාවරත්වයට තර්ජනයක් සහ කුපිත කරවන සුළු ක්‍රියාවක් ලෙස හෙළා දකී. විශේෂයෙන්ම, ඕස්ට්‍රේලියාව සහ ෆීජි රාජ්‍යය අතර නව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබූ දිනයේදීම මෙම පියවර ගැනීම අවධානයට ලක්ව ඇත. මෙම සිදුවීම වැරදි ලෙස අර්ථකථනය නොකරන ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියි.
















