• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ ආර්ථිකයට ශක්තියක් වන තේ ගම්මාන පන්සියය ජාතික වැඩසටහන ඇරඹේ

15 July 2026
in දේශීය, පුවත්
රටේ ආර්ථිකයට ශක්තියක් වන  තේ ගම්මාන පන්සියය ජාතික වැඩසටහන ඇරඹේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය 2030 වසර වන විට කිලෝ ග්‍රෑම් මිලියන 400ක් දක්වාත්, අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක් දක්වාත් ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීම වෙනුවෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් “Ceylon Tea Village” හෙවත් තේ ගම්මාන පන්සියය වැඩසටහන අද (ජූලි 15) ආරම්භ කරයි.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ, තේ ගම්මාන 500ක් හරහා කුඩා තේවතු කර්මාන්තය නවීකරණය කරමින් ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීම, අගය එකතු කළ නිෂ්පාදන හඳුන්වා දීම සහ තේ කර්මාන්තය සංචාරක ක්ෂේත්‍රය සමඟ ඒකාබද්ධ කිරීම මෙහි අරමුණ බවයි.
තේ ගම්මාන 500ක් හරහා ක්‍රමානුකූලව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර එහි පළමු අදියර ලෙස තේ වගා කරන දිස්ත්‍රික්ක 11ක් ආවරණය වන පරිදි තේ ගම්මාන 144ක වැඩකටයුතු අද ආරම්භ කෙරේ. තේ වගාවේ අස්වැන්න අඩු මට්ටමක පැවතීම නිවැරදි කිරීම සඳහා ‘අධි ඝනත්ව වගා ක්‍රමය’ (High Density Planting) අත්හදා බලමින් පවතින අතර, ඒ හරහා දැනට මාසයකට ලැබෙන තේ දලු කිලෝ 250 – 350 ප්‍රමාණය කිලෝ 1000 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
එමෙන්ම කුඩා තේවතු හිමියන් සඳහා රක්ෂණ ක්‍රමයක් සහ විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට ද අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත. ලෝකයේ රසවත්ම තේ නිෂ්පාදනය කරන රටක් ලෙස ශ්‍රී ලංකාව සතු නාමය භාවිතා කරමින්, තේ කර්මාන්තය ආශ්‍රිත සංචාරක අත්දැකීම් ප්‍රවර්ධනය කිරීමට ද සැලසුම් කර තිබේ.
පවතින ආර්ථික අර්බුද හමුවේ කුඩා තේ වතු ගොවීන් 191,000කට වැඩි පිරිසකට පොහොර ලබා දී ඇති බවත්, ලංකා ඉතිහාසයේ වැඩිම පොහොර සහනාධාරය ලබා දුන් කාලය මෙය බවත් ඇමැතිවරයා පවසයි. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප කිසිදු ඉල්ලීමකින් තොරව ඉහළ දැමීම සහ රජයේ සේවක වැටුප් වැඩි කිරීම ඇතුළු සහන රැසක් රජය විසින් ලබා දී ඇත.
විපක්ෂයේ විවේචන සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, වංචා දූෂණ සහ පාතාලය මර්දනය කරමින් නීතිය ක්‍රියාත්මක වන විට විපක්ෂය කලබලයට පත්ව සිටින බවයි. බිඳ වැටුණු ආර්ථිකයක් භාර ගත්තද, අද වන විට වාහන ආනයනය ආරම්භ කර, ණය ගෙවා, සංවර්ධන කටයුතු සිදු කරමින් රට නිවැරදි මාවතට ගෙන ඒමට රජය සමත් වී ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

දින 13ක් පුරා සක්‍රීයව පැවති බාවි සුළි කුණාටුවෙන් චීනයේ ලක්ෂ දෙකකට අධික පිරිසක් අවතැන් වෙයි

Next Post

පාස්කු ප්‍රහාරයේ ෂැංග්‍රිලා බෝම්බකරු ඉල්හාම්ගේ හඬපටයක් මහාධිකරණයේදී වාදනය කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
පාස්කු ප්‍රහාරයේ  ෂැංග්‍රිලා බෝම්බකරු ඉල්හාම්ගේ  හඬපටයක් මහාධිකරණයේදී  වාදනය කෙරේ

පාස්කු ප්‍රහාරයේ ෂැංග්‍රිලා බෝම්බකරු ඉල්හාම්ගේ හඬපටයක් මහාධිකරණයේදී වාදනය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩෙංගු රෝගීන් වෙනුවෙන්  විශේෂිත ආයුර්වේද සායනයක්  බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේදී  ජූලි 31 සිට

ඩෙංගු රෝගීන් වෙනුවෙන් විශේෂිත ආයුර්වේද සායනයක් බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේදී ජූලි 31 සිට

25 July 2026
දිල්ලි විරෝධතාව උණුසුම් වෙයි!

දිල්ලි විරෝධතාව උණුසුම් වෙයි!

25 July 2026
චෙම්මනි සුසාන භූමියෙන්  වැහි කබායක් සහිත මළසිරුරක්!  පැරණි ගැටලුව  යළි උණුසුම් වෙයි

චෙම්මනි සුසාන භූමියෙන් වැහි කබායක් සහිත මළසිරුරක්! පැරණි ගැටලුව යළි උණුසුම් වෙයි

25 July 2026
රන් මිල යළි වෙනස් වෙයි!  කැරට් 24 පවුම රු. 392,020යි   කැරට් 22 පවුම රු. 359,132යි

රන් මිල යළි වෙනස් වෙයි! කැරට් 24 පවුම රු. 392,020යි කැරට් 22 පවුම රු. 359,132යි

25 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

24 July 2026
නැගෙනහිර නාවික ප්‍රදේශ භාර  නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

නැගෙනහිර නාවික ප්‍රදේශ භාර නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

24 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved