• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු ප්‍රහාරයේ ෂැංග්‍රිලා බෝම්බකරු ඉල්හාම්ගේ හඬපටයක් මහාධිකරණයේදී වාදනය කෙරේ

15 July 2026
in දේශීය, පුවත්
පාස්කු ප්‍රහාරයේ  ෂැංග්‍රිලා බෝම්බකරු ඉල්හාම්ගේ  හඬපටයක් මහාධිකරණයේදී  වාදනය කෙරේ
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව ෂැංග්‍රිලා හෝටලයේදී බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් ඉල්හාම් විසින්, ප්‍රහාරයට පෙර තමන් මරාගෙන මැරෙන ප්‍රහාරයක නිරත වන බවට කර ඇති ප්‍රකාශයක් ඇතුළත් හඬපටයක් ඊයේ (14) කොළඹ මහාධිකරණය හමුවේ වාදනය කර එහි අන්තර්ගතය සටහන් කරගන්නා ලදී.
බෝම්බකරු විසින් දෙමළ භාෂාවෙන් සිදුකර ඇති මෙම ප්‍රකාශය අධිකරණය ඉදිරියේ වාදනය කිරීමෙන් අනතුරුව, භාෂා පරිවර්තක තුවාම් සදාත් මහතා විසින් එහි අන්තර්ගතය පරිවර්තනය කර අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම නඩුව විභාග වන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන සිටියද ඒවා පොලිසියට හෙළි නොකිරීමේ චෝදනාව මත, දෙමටගොඩ මහවිල උද්‍යානයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිවය. මෙම ප්‍රධාන විත්තිකරු වන මොහොමඩ් ඊබ්‍රහිම් යනු සිනමන් ග්‍රෑන්ඩ් සහ ෂැංග්‍රිලා හෝටල්වල බෝම්බ ප්‍රහාර එල්ල කළ මොහොමඩ් ඉන්සාෆ් සහ මොහොමඩ් ඉල්හාම් යන අයගේ පියා වේ.
ප්‍රහාරයෙන් පසු විමර්ශන කණ්ඩායම් විසින් බෝම්බකරුවන් පදිංචිව සිටි නිවෙස පරීක්ෂා කිරීමේදී, මොහොමඩ් ඉල්හාම්ගේ බිරිය සහ දරුවන් තිදෙනා බෝම්බ පුපුරුවාගෙන මියගියහ. වසර තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි විත්තිකරුවන් පසුව ඇප මත මුදාහැරි අතර, ඔවුන්ට මේ වන විට විදේශ ගමන් තහනමක් සහ සෑම මාස තුනකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කිරීමේ නියෝගයක් පනවා තිබේ.
මහාධිකරණ විනිසුරු රශ්මික සිංගප්පුලි මහතා නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු 11 දිනට කල් තැබූ අතර, එදින සාක්ෂිකරුවන් සිව්දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ අතර, විත්තිය වෙනුවෙන් නීතිඥ ඉෂාන් ගම්මලගේ මහතා පෙනී සිටියේය.
Post Views: 12
Previous Post

රටේ ආර්ථිකයට ශක්තියක් වන තේ ගම්මාන පන්සියය ජාතික වැඩසටහන ඇරඹේ

Next Post

කපිල චන්ද්‍රසේනට එරෙහි විමර්ශනවල ප්‍රගතිය ඔක්තෝබර් 13දා අධිකරණයට වාර්තා කරන්නැයි අල්ලස් කොමිසමට නියෝග

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාව තෙල් මිලදී ගන්නේ අපට උදව් කිරීමට නොව තමන්ගේම අවශ්‍යතා සඳහායි!

ඉන්දියාව තෙල් මිලදී ගන්නේ අපට උදව් කිරීමට නොව තමන්ගේම අවශ්‍යතා සඳහායි!

6 September 2026
කළු රාජ්‍යය නැති කරන බව කියන රජය එදා සහල් මාෆියාව කියූ ඩඩ්ලිට  අද අත්පුඩි ගහනවා

කළු රාජ්‍යය නැති කරන බව කියන රජය එදා සහල් මාෆියාව කියූ ඩඩ්ලිට අද අත්පුඩි ගහනවා

6 September 2026
රත්නපුරයේදී විදේශිකයෙකුට ලැබුණු හෘදයාංගම සංග්‍රහය!

රත්නපුරයේදී විදේශිකයෙකුට ලැබුණු හෘදයාංගම සංග්‍රහය!

6 September 2026
ඉන්දුනීසියාවේ ගිනිකන්දක් සක්‍රීය වීම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානාවල ගමන් මාර්ග වෙනස් කෙරේ!

ඉන්දුනීසියාවේ ගිනිකන්දක් සක්‍රීය වීම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානාවල ගමන් මාර්ග වෙනස් කෙරේ!

6 September 2026

Recent News

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

හර්ෂ මාකලන්ද ඇතුළු ප්‍රවීණ වාද්‍යවේදීන් තිදෙනෙකු “තුඩු” වාද්‍යාභිමානී සම්මානයෙන් බත්තරමුල්ලේදී පිදුම් ලබයි!

7 September 2026
මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

7 September 2026
සමේ සුළු ලපයක් කියා නොසලකා හරින්න එපා…

සමේ සුළු ලපයක් කියා නොසලකා හරින්න එපා…

7 September 2026
අපේක්ෂා රෝහලේ පිළිකා ඖෂධ හිඟය උග්‍ර වෙයි…

අපේක්ෂා රෝහලේ පිළිකා ඖෂධ හිඟය උග්‍ර වෙයි…

7 September 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

හර්ෂ මාකලන්ද ඇතුළු ප්‍රවීණ වාද්‍යවේදීන් තිදෙනෙකු “තුඩු” වාද්‍යාභිමානී සම්මානයෙන් බත්තරමුල්ලේදී පිදුම් ලබයි!

7 September 2026
මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

7 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved