ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා එයාර් බස් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන්, එම සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාට එරෙහිව සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය ඔක්තෝබර් 13 දින අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (14) අල්ලස් කොමිසමට නියෝග කළේය.
නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලද අතර, විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරීම සඳහා ඉදිරි දිනක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නඩුව යළි ඔක්තෝබර් 13 දින කැඳවීමට නියමිතය.
















