ලංකා සුඛෝපභෝගී බස් රථ සංගමය විසින් බස් රථ කර්මාන්තයේ නියුතු පුද්ගලයන්ගේ විශිෂ්ටත්වය ඇගයීම සඳහා “මාවතේ අභිමන්” නමින් ජාතික සම්මාන උළෙලක් ප්‍රථම වරට සංවිධානය කර තිබේ. මෙම මංගල සම්මාන උළෙල මේ මස 31 වැනි දින කොළඹ ‘The Forum, City of Dreams Sri Lanka’ හිදී පැවැත්වීමට නියමිතය.
ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති සම්පාදකයින්, ප්‍රවාහන ක්‍රියාකරුවන්, සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සහ ආයතනික හවුල්කරුවන් ඇතුළු 500කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.
මෙම උළෙලේදී හොඳම බස් රථ රියැදුරු (මගී බස් සේවාව), හොඳම කොන්දොස්තර (මගී බස් රථ සේවාව), හොඳම සංචාරක රියැදුරු (බස් රථ), හොඳම නවීකරණය කරන ලද බස් රථය (විශේෂ සේවා), වැඩිම නවීකරණය කරන ලද බස් රථය (විශේෂ සේවා) සහ වඩාත් ජනප්‍රිය බස් රථ සේවාව (මහජන කැමැත්ත) සඳහා සම්මාන පිරිනැමේ.
ලංකා සුඛෝපභෝගී බස් රථ සංගමයේ සභාපති නිකිත ග්‍රේරෝ මහතා සඳහන් කළේ, වෘත්තීයභාවය, ආරක්ෂාව සහ සේවාව අතින් ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී මගී ප්‍රවාහන කර්මාන්තය කලාපීය මිනුම්දණ්ඩක් ලෙස ස්ථානගත කිරීම සහ දිනපතා රට වෙනුවෙන් කැපවී සේවය කරන පුද්ගලයන් ඇගයීම මෙම වැඩසටහනේ අරමුණ බවයි.
මෙමඟින් මගී සහ සංචාරක ප්‍රවාහන යන දෙඅංශයේම ආරක්ෂාව සහ විනය පිළිබඳ සංස්කෘතියක් ගොඩනැඟීමට අපේක්ෂා කරන අතර, ඉදිරියේදී වාර්ෂිකව මෙම සම්මාන උළෙල පැවැත්වීමට සංගමය තීරණය කර ඇත. විනිවිදභාවයෙන් යුත්, කුසලතා මත පදනම් වූ විනිශ්චය ක්‍රියාවලියක් හරහා සම්මානලාභීන් තෝරාගෙන තිබේ.
















