බහරේනයේ පිහිටි අමෙරිකානු නාවික හමුදා කඳවුරකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ. ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) මෙම ප්‍රහාරය තහවුරු කර ඇති අතර, එම ප්‍රහාරයෙන් කඳවුරේ පාලන මධ්‍යස්ථානය, නාවික සහාය කළමනාකරණ මධ්‍යස්ථානය, ගබඩා සහ ඉන්ධන ටැංකි විනාශ වූ බව නිවේදනය කර තිබේ.
තමන් වෙත එල්ල වූ ප්‍රහාරවලට “දැඩි ප්‍රතිචාරයක්” ලෙස මෙම ප්‍රහාර මාලාව දියත් කළ බව ඉරානය වැඩිදුරටත් සඳහන් කරයි.
















