නිෂ්පාදන ඵලදායීතාව ඉහළ නැංවීමට නම් රට තුළ සාමය පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය සාධකයක් බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.කම්කරු අමාත්‍යාංශයට අලුතින් පත්වීම් ලැබූ නිලධාරීන් 87 දෙනෙකු පිළිගැනීමේ උත්සවය, අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, දේශපාලන මැදිහත්වීම් හරහා ජාතීන් අතර ගැටුම් ඇතිවීමේ ප්‍රවණතාව වත්මන් රජය විසින් වෙනස් කර ඇති බවයි. කුමන ආකාරයේ තර්ක විතර්ක පැවතියද, ශ්‍රී ලංකාව රටක් ලෙස සෑම ක්ෂේත්‍රයකින්ම ඉදිරියට ගමන් කරමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
















