රජයට අයත් කිරිබත්ගොඩ නගරයේ පිහිටි ඉඩමකට කූට ලේඛන සකසා විකිණීමට තැත් කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු හය දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගම්පහ මහාධිකරණයේදී අද (15) බාර දෙනු ලැබීය.
ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතිඥ සමදරි පියසේන මහත්මිය විසින් අදාළ අධිචෝදනා සැකකරුවන්ට බාර දෙන ලදී.
නඩු විභාගය හැකි ඉක්මනින් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සියලුම ලිපිලේඛන සහ නඩු වාර්තා අධිකරණයට යොමු කරන ලෙස විනිසුරුවරිය රජයේ අධි නීතිඥවරියට වැඩිදුරටත් නියෝග කළාය.
















