වයඹ පළාතේ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා පැවැත්වීමට නියමිතව තිබූ වාර විභාග කල් දැමීමට සිදුවූයේ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීමේ ප්‍රමාදයක් හේතුවෙන් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.
මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලේකම්වරයා සඳහන් කළේ මෙම විභාග පැවැත්වීම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකරන වැඩසටහනක් බැවින් ජාතික අධ්‍යාපන අමාත්‍යාංශය ඊට සෘජුව සම්බන්ධ නොවන බවයි. කෙසේ වෙතත්, තමාට ලැබී ඇති තොරතුරු අනුව ප්‍රශ්න පත්‍ර මුද්‍රණ කටයුතුවල ඇතිවූ ගැටලුවක් නිසා ඒවා පාසල් වෙත ලැබීම ප්‍රමාද වීමෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇත.
එළඹෙන ජූලි 21 වන දින සිට මෙම විභාග නැවත ආරම්භ කිරීමට නියමිත බවත්, පාසල් වාරය අවසන් වීමට තවත් සති දෙකක පමණ කාලයක් ඉතිරිව පවතින බැවින් විභාග කටයුතු නියමිත පරිදි අවසන් කිරීමට ප්‍රමාණවත් කාලයක් ඇති බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය. ප්‍රශ්න පත්‍ර නියමිත වේලාවට පාසල් වෙත නොලැබීම හේතුවෙන් වයඹ පළාතේ අදාළ ශ්‍රේණි සඳහා විභාග කල් දැමීමට පියවර ගෙන තිබිණි.














