ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා අභාවප්‍රාප්ත වී ඇත.
2018 වසරේ සිට 2026 වසර දක්වා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඒ මහතා, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ පරිපාලනමය වෙනස්කම් රැසක් සිදු කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළ දිගුකාලීන ක්‍රීඩා පරිපාලකයෙකි. 2021 වසරේදී දෙවන වරටත් එම තනතුරට තේරී පත් වූ ඒ මහතා, සිය ධුර කාලය සම්පූර්ණ කිරීමෙන් පසු මෙම වසර මුලදී එම ධුරයෙන් සමුගත්තේය.
ඔහුගේ අභාවය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.
















