මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව අද (15) පස්වරුවේ නිවේදනය කළේය.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ජාතික ජන බලවේගයේ (NPP) දේශපාලන අධිකාරිය විසින් ඔහු මීගමුව නගරාධිපතිවරයා ලෙස පත් කරනු ලැබීය. තමා මෙම තීරණය ගත්තේ පෞද්ගලික හේතුවක් මත බව හීන්කෙන්ද මහතා ප්‍රකාශ කළේය.
ජාතික ජන බලවේගය විසින් මීට පෙර ඔහුව නගරාධිපතිවරයා ලෙස පත් කළ ආකාරයටම, ඉදිරියේදී නව නගරාධිපතිවරයෙකු එම පක්ෂය විසින් පත් කරනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.
















