කොළඹ දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබූ ඩෙංගු අධි වසංගත තත්ත්වයේ යම් අඩු වීමක් දක්නට ලැබෙන බව කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය විය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
සෞඛ්‍ය අංශවල දත්තවලට අනුව, මේ වන විට දිවයින පුරා වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් 68,672ක් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් රෝගීන් 13,791ක් වාර්තා වේ. රෝග ව්‍යාප්තිය පහළ යමින් පැවතියද, මට්ටක්කුලිය, බොරැල්ල, දෙමටගොඩ, නාරාහේන්පිට, බම්බලපිටිය, මොරටුව සහ හෝමාගම ඇතුළු ප්‍රදේශ රැසක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බැවින්, එම ප්‍රදේශවල මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. ඉදිරියේදී මාර්ග සහ කානු පද්ධති පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.















