ක්‍රිස්තු පූර්ව 102 වැනි යුගයට අයත් මෙම ඓතිහාසික මාර්ගය දුටුගැමුණු රජු සමයේ බුලතා නම් තරුණයා සහ ඔහුගේ බිරිඳ වූ එතනා (කළුඑතනා) විසින් සොබොර වැව ඉදි කරන සමයේ භාවිතා කළ අතිශය දුෂ්කර පා ගමන් මාර්ගයකි. ගල්පඩි 2000කින් පමණ සමන්විත මෙම මාර්ගය අද වන විට මහ වනපෙතට යට වී අභාවයට යමින් පවතී.
මෙම ඓතිහාසික මාර්ගය නැවත ප්‍රතිසංස්කරණය කිරීම මගින් දෙස් විදේශ සංචාරකයන්ට මෙන්ම පුරාවිද්‍යා විෂයන් හදාරන දරු දැරියන්ටද එය විවර කර දීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම පියවර සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සිය කෘතඥතාව පල කර සිටිති.
















