ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සහ ඊට අනුබද්ධ කණ්ඩායමක් බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස බ්‍රිතාන්‍ය රජය විසින් නිල වශයෙන් නම් කිරීම හේතුවෙන්, ඉරානය විසින් එරට සිටින බ්‍රිතාන්‍ය තානාපතිවරයා කැඳවා දැඩි විරෝධය පළ කර තිබේ.
බ්‍රිතාන්‍යයේ “රාජ්‍ය තර්ජන මර්දන පනත” (State Threats Act) යටතේ මෙම නම් කිරීම සිදුකර ඇති අතර, යුරෝපය පුරා ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉරානය විසින් සටන්කාමී කණ්ඩායම් මෙහෙයවා ඇති බවට බ්‍රිතාන්‍ය රජය චෝදනා කරයි. මෙම සිදුවීමට පෙර, ලන්ඩන් නුවර සිටින ඉරාන තානාපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානී අලි නසීම්ෆර්ව ද බ්‍රිතාන්‍ය රජය විසින් කැඳවා තිබිණි.
විදේශීය රාජ්‍යයන් විසින් සිදුකරනු ලබන ඔත්තු බැලීම සහ කඩාකප්පල්කාරී ක්‍රියා වැළැක්වීමේ අරමුණින් බ්‍රිතාන්‍යය මෑතකදී හඳුන්වා දුන් නව පනතක් මගින් මෙවැනි තීරණ ගැනීමේ බලය ලබා දී ඇත. මෙම සිදුවීම් මාලාවත් සමඟ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයකට පත්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
















