ඉකුත් මාස හය තුළ දිවයිනේ වෙරළ තීරයන් ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුම්වලින්, අල්ලීමට සහ වෙළෙඳාම් කිරීමට තහනම් කර ඇති මත්ස්‍ය විශේෂ සහ මුහුදු ජීවීන් තොගයක් සමග පුද්ගලයන් 23 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
කිරින්ද, බලපිටිය, දෙවුන්දර, බේරුවල, වෙන්නප්පුව සහ හලාවත යන ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් සිදුකර ඇත. එහිදී අත්අඩංගුවට ගත් තහනම් ද්‍රව්‍ය අතර පහත ඒවා වේ:
මෝර මසුන් කිලෝග්‍රෑම් 3900කට අධික ප්‍රමාණයක්.
කැස්බෑ මසුන් කිලෝග්‍රෑම් 57කට අධික ප්‍රමාණයක්.
තඹුවා මසුන් ග්‍රෑම් 33ක්.
විශාල තොගයක් පොකිරිස්සන්, කැස්බෑ බිත්තර සහ හක් බෙල්ලන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.
















