දේශීයව නිෂ්පාදනය කෙරෙන සහ මෙරටට ආනයනය කරනු ලබන සියලුම සනීපාරක්ෂක තුවා සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLS) සහතික ලාංඡනය තිබීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12(2) වගන්තිය යටතේ නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයට අනුව, SLS 1732 සහ SLS 1748 යන ප්‍රමිති පිරිවිතරයන්ට අනුකූල නොවන සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය, ඇසිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම හෝ විකිණීම 2026 ඔක්තෝබර් 08 දින සිට තහනම් වේ. ආනයනය කරනු ලබන නිෂ්පාදන ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ආනයන පරීක්ෂණ ක්‍රමය යටතේ අනුමත වී තිබීම අනිවාර්ය වන අතර, මෙම නියෝගය උල්ලංඝනය කරන ඕනෑම නිෂ්පාදකයෙකුට, බෙදාහරින්නෙකුට හෝ වෙළෙන්දෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත.














