නවගමුව, වඳුරම්මුල්ල ප්රදේශයේදී අද (16) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කළ තරුණයා ප්රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ කඩුවෙල, වැලිහිද පාර ප්රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි ගින්හලුගේ භාෂන ප්රගීත් ඒෂාන් නැමැත්තෙකි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















