ආජන්ටිනාව සහ ස්පාඤ්ඤය අතර පැවැත්වෙන 2026 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය නැරඹීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එක්වන බව ධවල මන්දිරය නිල වශයෙන් නිවේදනය කර තිබේ. නිව්යෝර්ක් – නිව් ජර්සි ක්‍රීඩාංගණයේදී මෙම තරඟය පැවැත්වීමට නියමිතය.
ජනාධිපතිවරයාගේ මෙම සහභාගීත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ධවල මන්දිර ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් මහත්මිය සඳහන් කළේ ඉරිදා පැවැත්වෙන මෙම අවසන් මහා තරඟය නැරඹීමට ජනාධිපතිවරයා දැඩි උනන්දුවකින් පසුවන බවයි. ලෝකයේම අවධානය දිනා ගන්නා මෙම උත්කර්ෂවත් ක්‍රීඩා තරඟය සඳහා ජනාධිපතිවරයාගේ පැමිණීම විශේෂ සිදුවීමක් වනු ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්















