රජය විසින් වී කිලෝවක් සඳහා දැනට නියම කර ඇති මිල ගණන් කිසිදු හේතුවක් මත වෙනස් නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, රුපියල් 120, 130 සහ 140 යන මිල ගණන් නියම කර ඇත්තේ නිසි ගණනය කිරීම්වලින් අනතුරුව බවයි.
වී සඳහා ඊට වඩා වැඩි මිලක් ඉල්ලා කෙතරම් උද්ඝෝෂණ සිදු කළ ද රජය එම ඉල්ලීම්වලට යටත් නොවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. “වී කිලෝවකට රුපියල් 250ක් හෝ 260ක් වැනි මිලක් ඉල්ලීම යථාර්ථයෙන් පරිබාහිර දෙයක්,” යැයි පෙන්වා දුන් අමාත්‍යවරයා, රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය වුවහොත් සහල් ආනයනය කිරීමට ද රජය පසුබට නොවන බව සඳහන් කළේය.














