2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ අයදුම්පත් කැඳවීම මේ මස 23 වන දිනෙන් අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය දැනුම් දෙයි. මෙම අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය කිසිදු හේතුවක් මත දීර්ඝ නොකරන බවද ඇය අවධාරණය කළාය.
ජාතික හැඳුනුම්පත නොමැති පෞද්ගලික අයදුම්කරුවන්ට සිය භාරකරුවන්ගේ ජාතික හැඳුනුම්පත භාවිතා කර ලියාපදිංචි වෙමින් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ පහසුකම හිමි වේ. පාසල් අයදුම්කරුවන් අතරින් තවමත් ජාතික හැඳුනුම්පත් ලබාගෙන නොමැති සිසුන් සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් දැනුවත් කර ඇත.
වැඩිදුර තොරතුරු අවශ්‍ය ඕනෑම අයදුම්කරුවෙකුට විභාග දෙපාර්තමේන්තුවේ 1911 කෙටි අංකය ඔස්සේ හෝ 0112 784537, 0112 786616, 0112 784208 සහ 0112 784422 යන දුරකතන අංක ඇමතීමෙන් විමසීම් කළ හැකිය.
















