සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් අස්වැසුම ප්‍රතිලාභීන් වෙත විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබේ. ඒ අනුව, ප්‍රතිලාභීන්ගේ මුදල් වංචා කිරීමේ අරමුණින් විවිධ දුරකථන අංක භාවිත කරමින් වංචනික ඇමතුම් ලැබෙන බවට තොරතුරු වාර්තා වී ඇත.
මෙවැනි වංචනික ක්‍රියා සම්බන්ධයෙන් දැඩි ලෙස විමසිලිමත් වන ලෙසත්, දුරකථන මාර්ගයෙන් ලබා දෙන මෙවැනි තොරතුරු ඔස්සේ තම බැංකු ගිණුම් තොරතුරු හෝ පුද්ගලික තොරතුරු කිසිදු විටෙක හෙළි නොකරන ලෙසත් මණ්ඩලය ප්‍රතිලාභීන්ගෙන් ඉල්ලා සිටී.
















