සටන් විරාමයක් ක්‍රියාත්මකව තිබූ කාලසීමාව තුළ අමෙරිකාව විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් පුද්ගලයින් 38 දෙනෙකු මියගොස් තවත් 400 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරානය පවසයි. පසුගිය ජුනි 22 දින ස්විස්ටර්ලන්තයේදී දින 60ක යුද ගැටුම් අවසන් කිරීමේ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අමෙරිකාව විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය නාවික ගමනාගමනය සඳහා වසා දැමීමත් සමඟ දෙපාර්ශවය අතර පැවති සටන් විරාම ගිවිසුම් බිඳ වැටී ඇති බව තහවුරු වේ. මේ අතර, උතුරු ඉරාකයේ එර්බිල් නගරයට ඉහළින් අමෙරිකාව විසින් එල්ල කරන ලද ඩ්‍රෝන යානා 8ක් වෙඩි තබා බිම හෙළීමට ඉරාන පාර්ශවය සමත් වී ඇති අතර, ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
















