ඉන්දියාවේ පළමු හයිඩ්රජන් බලයෙන් ක්‍රියාත්මක වන දුම්රිය අද (17) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි. ‘නමෝ ග්‍රීන් රේල්’ ලෙස නම් කර ඇති මෙම දුම්රිය හර්යානා ප්‍රාන්තයේ ජින්ඩ්-සෝනිපාට් මාර්ගයේ කිලෝමීටර් 89ක දුරක් ධාවනය කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් ලෙස දියත් කර ඇත්තේ ඉන්දියාවේ දුම්රිය ක්ෂේත්රය තුළ හයිඩ්රජන් තාක්ෂණයේ කාර්යක්ෂමතාව පරීක්ෂා කිරීමට සහ පරිසර හිතකාමී අනාගත ප්‍රවාහන සැලසුම් දියුණු කිරීමේ අරමුණින්ය.
















